හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය විසින් අද (15) වසර පහහමාරක සිර දඬුවම් නියම කර තිබේ. මීට වසර 19කට පෙර එනම් 2007 වසරේදී සිදුවූ සිදුවීමකට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනා වන්නේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීම, ඔහුගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමයි. මෙම චෝදනාවලට ඔහු වරදකරු බව තීන්දු කළ හලාවත මහාධිකරණ විනිසුරුවරයා, සිර දඬුවමට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය












0 Comments