1. Passive Noise Cancelling: "බාධකයක් යෙදීම" මෙය ඉතා සරල ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ ඉයර්ෆෝන් එකේ ඇති ස්පොන්ජ් හෝ රබර් කොටස් මගින් ඔබේ කන සම්පූර්ණයෙන්ම ආවරණය කර පිටත ශබ්දය ඇතුළට ඒම භෞතිකව වැළැක්වීමයි. මෙය හරියට ඔබ කන් දෙක අත් දෙකෙන් වසා ගන්නවා වැනි ක්‍රියාවලියකි. මෙහිදී කිසිදු විද්‍යුත් ක්‍රියාවලියක් සිදු නොවේ.
2. Active Noise Cancelling (ANC): "සද්දෙට සද්දෙන් පහර දීම" මෙය ඉතාමත් දියුණු තාක්ෂණයකි. මෙහිදී ඉයර්ෆෝන් එකේ ඇති කුඩා මයික්‍රොෆෝන මගින් වටපිටාවේ ඇති සද්දය (උදාහරණ: වාහනවල සද්දය) නිරන්තරයෙන් ග්‍රහණය කර ගනී. ඉන්පසු ඉයර්ෆෝනය ඇතුළේ ඇති කුඩා පරිගණකයක් මගින් එම ශබ්ද තරංගයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තරංගයක් (Anti-noise) නිපදවයි.
විද්‍යාත්මකව පවසතොත්, ශබ්ද තරංගයක "උච්ච" (Peak) අවස්ථාවට ප්‍රතිවිරුද්ධ තරංගයේ "නිම්න" (Trough) අවස්ථාව මුණගැසුණු විට එම තරංග දෙකම එකිනෙක කැපී ගොස් නිහඬතාවයක් නිර්මාණය වේ. මෙය හරියටම +1 ට -1 එකතු කළ විට 0 ලැබෙනවා වැනි ක්‍රියාවලියකි. ප්‍රතිඵලය වන්නේ වටපිටාවේ කෙතරම් සද්දයක් තිබුණත් ඔබට ඇසෙන්නේ ඔබ අහන සංගීතය පමණක් වීමයි.
Active Noise Cancelling තාක්ෂණය ක්‍රියාත්මක වීමට විදුලිය අවශ්‍ය බැවින්, එවැනි ඉයර්ෆෝන්වල බැටරි ආයු කාලය සාමාන්‍ය ඒවාට වඩා අඩු විය හැකියි.












0 Comments