දීර්ඝ කාලසීමාවකට පසු වාහන ආනයනය නැවත ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි මෙරට ජනතාව අන්දමන්ද කරමින්, ආනයනය කරනු ලබන වාහන සඳහා පවතින රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් (Surcharge) අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම නව බදු සංශෝධනයත් සමඟ ඉදිරියේදී ලංකාවට පැමිණෙන වාහනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
එල්ල කර ඇති නව බදු ප්‍රතිපත්තියට අනුව, උදාහරණයක් ලෙස ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් අලුතින් එකතු වනු ඇත. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මෙම තීරණය ගෙන තිබේ. අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, දැනටමත් වාහන ඇණවුම් කර ඇති ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් මෙහිදී යම් සහනයක් ලබා දී තිබේ. ඒ අනුව මැයි මස 15 වැනිදා හෝ ඊට පෙර නීත්‍යානුකූලව ණයවර ලිපි (Letter of Credit - LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බව රජය අවධාරණය කරයි. මෙම හදිසි බදු පැනවීමත් සමඟ දේශීය වෙළඳපොළේ පවතින වාහන මිල ගණන්වල ද යම් වෙනස්වීම් සිදුවිය හැකි බව වාර්තා වේ.












0 Comments