ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මියයයි!

Views: 0

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අබිරහස් ලෙස මියගොස් සිටියදී අද පෙරවරුවේ සොයාගෙන තිබේ. පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, ඔහුගේ මරණය සැකකටයුතු බවයි. මෙරට ගුවන් සේවා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණේ ද මෙම කපිල චන්ද්‍රසේන මහතාටය. මෙම අබිරහස් මරණයත් සමඟ එම මහා පරිමාණ වංචාව පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට කුමක් සිදුවනු ඇත්දැයි සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

වාර්තා වන අන්දමට කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, ඔහු පසුගිය 5 වැනිදා ඇප මත මුදා හැර තිබුණි. කෙසේ වෙතත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ඔහු අපොහොසත් වීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (07) දිනයේදී ඔහුව යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි. එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පෙරම ඔහු සිය නිවසේදී මියගොස් සිටීම විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇත.

කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධානම චෝදනාව වූයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී එයාර්බස් සමාගමෙන් රහසිගතව මුදල් ලබා ගැනීමයි. මෙම සිද්ධිය ලෝක මට්ටමේ පවා දැඩි කතාබහකට ලක් වූ අතර,  මෙම මරණය ස්වභාවික මරණයක් ද, නැතහොත් කිසියම් පීඩනයක් හෝ වෙනත් බාහිර හේතුවක් නිසා සිදු වූවක් ද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමු වූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ පවත්වා ඇත. මරණය සිදු වූ අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. දැවැන්ත දූෂණ චෝදනාවකට මැදිව සිටි ප්‍රධාන නිලධාරියෙකු මෙලෙස මියයාම, එම නඩුවේ ඉදිරි කටයුතුවලට බාධාවක් විය හැකි බව නීති විශාරදයෝ පවසති. 

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */