තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ 34 හැවිරිදි භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) සිදු කිරීමට නියමිත අතර, ඇයගේ ගෙලෙහි දක්නට ලැබුණු තුවාල හේතුවෙන් පොලිසිය මෙය ඝාතනයක් ලෙස සැක පළ කරයි.
කුරුඳු කොරටුව, පලල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි භෞතචිකිත්සකවරියකි. ඇය මීට පෙර අම්පාර මහරෝහලේ සේවය කර ඇත.
පසුගිය ජූනි 3 වැනිදා සිට 16 වනදා දක්වා ඇය සිය පෙම්වතා යැයි කියන පුද්ගලයා සමඟ නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිට ඇත.
16 වනදා රාත්‍රියේ මෝටර් රථයක දමාගෙන ආ සිරුර, ඊයේ (17) උදෑසන තෙල්දෙණිය රෝහල් රථගාලේ දමා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශන මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිසියට මුලින්ම දැනුම් දී ඇත්තේ ද ඇය සමඟ පැමිණි එම පුද්ගලයා බව වාර්තා වේ.
සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලිසිය මගින් සිදු කරයි.












0 Comments