සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු සහ කජු ඇතුළු භාණ්ඩ කිහිපයක් හොර රහසේ සිය අත්බෑගයේ සඟවාගෙන යමින් සිටි බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය භාණ්ඩ සොරකම් කරන අයුරු වෙළෙඳසලේ තිබූ සීසීටීවී කැමරාවල සටහන් වීමෙන් පසු කළමනාකාරිත්වය විසින් පොලිසිය දැනුවත් කර තිබුණා. පොලිසිය ඇයව පරීක්ෂා කිරීමේදී රුපියල් 5290ක් වටිනා කුකුළු මස්, එළු මස්, කජු සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
ඇය පෙරේදා (17) ද මේ අයුරින්ම එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පන්නිපිටිය ලිපිනයක් සහිත නීතිඥ හැඳුනුම්පතක් සතු 47 හැවිරිදි මෙම කාන්තාව රත්මලාන ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.












0 Comments