![]() |
| AI image |
හැමදාම දැඩි හිරු රශ්මියෙන් රත් වෙන සෞදි අරාබිය ගැන අද ලෝකයම කතා වෙන අමුතුම ආරංචියක් වාර්තා වෙනවා. දශක තුනකට, ඒ කියන්නේ අවුරුදු 30 කට පස්සේ සෞදි අරාබිය අද සුදුම සුදු හිමෙන් වැසී ගිහින්.
දවල් කාලයට ගිනි ගහන රස්නයක් තියෙන සෞදියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත වැටිලාලු. ඇඟ හිරිවැටෙන මේ සීතලත් එක්ක සෞදි වැසියෝ දැන් ඉන්නේ පුදුම වෙලා.
කාන්තාරයේ වැලි කඳු උඩට හිම වැටී තියෙන අපූරු දර්ශන මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් වගේ පැතිරෙනවා. ඔටුවෝ හිම මැද ඇවිදින මේ දර්ශන ලෝකයේම අවධානය දිනාගෙන තියෙන්නේ සෞදියේ මෙහෙම දෙයක් වෙයි කියලා කවුරුත් හීනෙකින්වත් නොහිතපු නිසා.

වසර 30 කට පස්සේ සෞදිය මේ විදිහට "හිම ලෝකයක්" වුණේ කොහොමද කියලා ආර්ථික සහ පරිසර විශ්ලේෂකයෝ දැන් විවිධ මත පළ කරනවා. කොහොම වුණත් මේ සීත ඍතුව නම් සෞදි අරාබියට කවදාවත් අමතක නොවන එකක් වෙන එක සහතිකයි.
hiru gossip

0 Comments