බත්තරමුල්ල, අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල පිහිටි සුපිරි වෙළඳසැලක රථ ගාලක් තුළදී අද (13) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත. 45 හැවිරිදි බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී යුවළ සිය සුඛෝපභෝගී මෝටර් රථය තුළ රැඳී සිට ඇත. ඝාතනයට ලක්වූ නීතිඥවරයා මීට පෙර සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළ නඩු කිහිපයක් සඳහා පෙනී සිට ඇති බවත්, එම හේතුව මත මෙම ඝාතනය සිදුකළාද යන්න පිළිබඳව සැක පවතින බවත් පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා CID, CCD සහ STF කණ්ඩායම් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.













0 Comments