මන්නාරම මුහුදු තීරයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී එම යාත්‍රාව තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෂිෂ් (Hashish) මත්ද්‍රව්‍ය කිලෝ 50කට අධික තොගයක් සොයාගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් කෝටි ගණනක් වන බව ගණන් බලා ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.
.jpg)












0 Comments