තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී අද (13) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.
වෙඩි වැදීමෙන් මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඇති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක වැඩක් දැයි යන්න පිළිබඳව පොලිසිය සැක පළ කරයි.













0 Comments