2022 මැයි මස 9 වන දින නිට්ටඹුව නගරයේදී එවකට පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ විත්තිකරුවන් 12 දෙනෙකුට ගම්පහ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කළේය.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ වසරකට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේදී විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි. මෙහිදී විද්යාත්මක සාක්ෂි, CCTV දර්ශන සහ DNA පරීක්ෂණ වාර්තා පදනම් කරගනිමින් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදු විය.
අද දින ගම්පහ මහාධිකරණය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබූ අතර, එහිදී මනුෂ්ය ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ සැකකරුවන් 12 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම විය. සෙසු විත්තිකරුවන් සම්බන්ධයෙන් ද අධිකරණය සිය තීන්දු ප්රකාශයට පත් කළේය.













0 Comments