සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක් පාදක කරගනිමින් අත්අඩංගුවට ගත් "සවල් චණ්ඩි" යනුවෙන් හැඳින්වෙන පිරිස පෙබරවාරි 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (11) නියෝග කළේය.
මෙම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වයස අවුරුදු 18ට අඩු අයෙකු වීම හේතුවෙන්, ඔහු පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය තීරණය කර ඇත.
පසුගිය දිනක පිරිසක් විසින් තවත් පුද්ගලයෙකුට සවලකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













0 Comments