නාමල්ගෙන් ආණ්ඩුවට ඍජු අභියෝගයක් තමන්ව සිරගත කර මැතිවරණයකට යාමට ආණ්ඩුව සූදානම් වන්නේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා රජයට අභියෝග කරයි.
ඔහු පවසන්නේ ආණ්ඩුව දැන් තීරණය කළ යුත්තේ තමන්ව හිරේ දැමීමෙන් පසු ඡන්දයට යනවාද, නැතහොත් ඊට පෙර ඡන්දයට යනවාද යන්න බවයි.
තමන් ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයන් ඉලක්ක කරගනිමින් ආණ්ඩුව දියත් කරන මර්දනකාරී ක්‍රියාවලිය විවේචනය කළ ඔහු, මෙවැනි ක්‍රියා හරහා ජනමතය යටපත් කළ නොහැකි බව අවධාරණය කළේය. මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා ආණ්ඩුව මෙවැනි තීන්දු ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













0 Comments