තාක්ෂණික පෙරළිය ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන සැම්සුන් (Samsung) ආයතනය, කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ලොව ප්‍රථම HBM4 මතක චිපය අද (12) නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කර තිබේ.
මෙහි ඇති විශේෂත්වය මෙම නව මතක චිපය මගින් තත්පරයකට ගිගාබිට් 11.7ක (11.7Gbps) අතිවිශාල දත්ත හුවමාරු වේගයක් ලබා දෙන අතර, එය පෙර පැවති තාක්ෂණයට වඩා 46%ක වේගවත් වීමකි. මෙමගින් AI පද්ධතිවලට ඉතා සංකීර්ණ දත්ත විශ්ලේෂණයන් ක්ෂණිකව සිදු කිරීමට හැකියාව ලැබේ.
අනාගතය මෙම සොයාගැනීමත් සමඟ අනාගත ස්මාර්ට්ෆෝන්, සුපිරි පරිගණක සහ ස්වයංක්‍රීය මෝටර් රථවල AI තාක්ෂණය දැනට පවතිනවාට වඩා දස ගුණයකින් වේගවත් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මෙය 2026 වසරේ තාක්ෂණික ලෝකයේ සිදුවූ දැවැන්තම ඉදිරි පිම්මක් ලෙස සැලකේ.













0 Comments