බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දුනීසියාව වැනි රටවල ඇති වූ අරගල හමුදාව සහ පොලීසිය යොදවා මර්දනය කිරීමේදී දහස් ගණනකගේ ජීවිත අහිමි වූ බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි මර්දනයකට නොගොස් ධුරයෙන් ඉවත් වූයේ තරුණ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රචණ්ඩකාරී ලෙස අරගලකරුවන් මර්දනය කිරීමට රාජ්‍ය බලය පාවිච්චි කිරීමේ හැකියාව තිබියදීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා අඩියක් පස්සට ගෙන ඉල්ලා අස්වීමට ගත් තීරණය හරහා විශාල ලේ වැගිරීමක් වැළකී ගිය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ අදහස් පළවෙමින් පවතින අතර, බොහෝ දෙනා පවසන්නේ මෙය පසුගිය "අරගලය" සමයේ සිදුවූ සිදුවීම් පිළිබඳව නව කියවීමක් බවයි.
.webp)












0 Comments