ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දත්ත පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් අද (13) දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සියලුම කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ හේතුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත අද දිනයේ පැමිණීමෙන් වළකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. දැනටමත් පෝලිම්වල සිටින පිරිසට සහ අද දිනට වේලාවන් වෙන් කරගත් පිරිසට එළඹෙන සඳුදා (16) දින ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගෙන ඇත.
තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර, සේවාවන් නැවත ආරම්භ කරන වේලාව දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කරන බව එහි ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේය.












0 Comments