මින් පළමුවැන්න වන්නේ SocialBit නමැති ස්මාර්ට් ඔරලෝසු මෘදුකාංගයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රෝගියාගේ පෞද්ගලිකත්වයට හානි නොවන ලෙස, ඔහු අවට සිටින පිරිස සමඟ කරන සන්නිවේදනයන් නිරීක්ෂණය කර, ඔහු තනි වී ඇත්නම් වහාම වෛද්‍යවරුන් දැනුවත් කිරීමයි. මින් රෝගියාගේ මොළයේ සන්නිවේදන හැකියාව (Speech therapy) දියුණු කිරීමට විශාල සහයක් ලැබේ.
දෙවන වැදගත් සොයාගැනීම වන්නේ C-MoRe නමැති ස්මාර්ට් ෆෝන් ඇප් එකයි. මෙහි ඇති AI තාක්ෂණය මගින් රෝගියාගේ අතපය චලනය කරන ආකාරය මිනිස් ඇසටත් වඩා නිවැරදිව (100%ක නිරවද්‍යතාවයකින්) නිරීක්ෂණය කර, ඔහුට අවශ්‍ය විශේෂිත ව්‍යායාම මොනවාදැයි තීරණය කරයි. මීට අමතරව, මොළයේ ඇති වන ඉදිමුම් තත්ත්වයන් (Brain swelling) සාමාන්‍ය CT ස්කෑන් එකක් මගින්ම හඳුනාගත හැකි Brainomix 360 වැනි AI පද්ධතිද දැන් රෝහල්වලට හඳුන්වා දී ඇත. මෙමගින් රෝගියා අකර්මන්‍ය වීම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට වටිනා කාලයක් ඉතිරි කර දෙයි.
.jpeg)












0 Comments