මෙක්සිකෝ සිටි – වසර ගණනාවක් පුරා ලොව පුරා මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ, මෙක්සිකෝවේ බිහිසුණුම මත්ද්‍රව්‍ය කල්ලියක් වන 'Jalisco New Generation Cartel' (CJNG) හි නායක Nemesio Oseguera Cervantes හෙවත් "El Mencho" මෙක්සිකෝ හමුදාව සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඊයේ (22) ජීවිතක්ෂයට පත් විය.
මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රාන්තයේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඔහු බරපතල තුවාල ලැබූ අතර, ගුවන් මගින් රෝහලට රැගෙන යන අතරතුර මියගිය බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.
මෙම ඝාතනයත් සමඟ මෙක්සිකෝවේ ප්‍රාන්ත කිහිපයක දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, කාටෙල් කල්ලි සාමාජිකයින් විසින් බස් රථ සහ වාහන ගිනිබත් කරමින් මහාමාර්ග අවහිර කර තිබේ.
ඇමරිකාව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට ඩොලර් මිලියන 15ක ත්‍යාගයක්ද ප්‍රකාශ කර තිබුණි.













0 Comments