ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා බස් රථ කර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු "කැකිල්ලේ තීන්දු" ලෙස හඳුන්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැඩි විරෝධයක් පළ කළේය.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. නීති ගෙන ඒම ගැටලුවක් නොවුණත්, ප්‍රායෝගික නොවන තීන්දු මගින් බස් හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බව ඔහු පෙන්වා දුන්නේය.
පවතින තත්ත්වය මත තම ශක්තිය පෙන්වීම සඳහා සමස්ත ලංකාවේම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර රටම අඩපණ කිරීමට කටයුතු කරන බවටද ගැමුණු විජේරත්න මහතා මෙහිදී ආණ්ඩුවට අනතුරු ඇඟවීය.













0 Comments