2019 ට පෙර ලබාගත් SIM කාඩ්පත්වලට අලුත් නීතියක්..
2019 අගෝස්තු 02 දිනට පෙර නිකුත් කරන ලද සියලුම SIM කාඩ්පත් හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කර නැවත ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ. දැනට පවතින ලියාපදිංචි කිරීමේ රෙගුලාසි අදාළ වන්නේ 2019 අගෝස්තු මාසයෙන් පසුව නිකුත් කළ SIM කාඩ්පත් සඳහා පමණක් බැවින්, පැරණි සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොමැති වීම මෙම තීරණයට හේතු වී ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ සහ අධිකරණ කටයුතුවලදී පැරණි SIM කාඩ්පත්වල අසම්පූර්ණ තොරතුරු හේතුවෙන් දැඩි ගැටලු පැන නැගී ඇති බවයි. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ අරමුණයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව තවත් වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු වේ:
වයස අවුරුදු 16 ත් 17 ත් අතර පසුවන නව යොවුන් වියේ පසුවන්නන්ට SIM කාඩ්පත් නිකුත් කිරීම සඳහා නව ප්‍රතිපාදන හඳුන්වා දීම.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට SIM කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීම.













0 Comments