එළඹෙන 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන ලෝක කුසලාන ක්‍රිකට් තරගය සඳහා වන උනන්දුව අතිමහත් වී තිබේ. වාර්තා වන අන්දමට මෙම තරගය සඳහා වෙන් කර තිබූ සියලුම ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් වී ඇත.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාව 35,000ක් වුවද, අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර සඳහා ඉදිරිපත් වී ඇති ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 88,000 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. මෙය මෑත කාලයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ක්‍රිකට් තරගයක් සඳහා වාර්තා වූ වැඩිම ඉල්ලුම ලෙස සැලකේ.
ලෝකයේ අවධානය දිනාගත් මෙම දැවැන්ත තරගය නැරඹීම සඳහා දෙරටේම ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් දිවයිනට පැමිණෙමින් සිටින අතර, ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.













0 Comments