මීගමුව, ගල්කන්ද හංදියේ පිහිටා ඇති ප්‍රසිද්ධ ආපන ශාලාවක් වන "Mr. කොත්තු" ආයතනය තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින් ඊයේ (12) නියෝග කර තිබේ.
මෙම අවන්හලේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මාර්ගයෙන් ප්‍රධාන පාරට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සුරංග මහතා විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.
මින් පෙර ඉකුත් 22 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දින 14ක කාලයක් අවන්හල වසා දමා අදාළ අඩුපාඩු පිළිසකර කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. කෙසේ වෙතත්, එම නියෝගය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් අධිකරණය විසින් නැවතත් මෙම දැඩි තීරණය ගෙන ඇත.













0 Comments