මැදපෙරදිග යුද ගින්න අද උදෑසන වන විට තවත් දරුණු විය. සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය (US Embassy) ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් තානාපති කාර්යාල පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, මෙය ඇමරිකාවට එල්ල කළ සෘජු අභියෝගයක් ලෙස සැලකේ.
මීට අමතරව, ඉරානය විසින් ලෝකයේ "තෙල් නහරය" ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නිල වශයෙන් වසා දැමීමත් සමඟ ගල්ෆ් කලාපයේ බලශක්ති ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත.
ලෝක වෙළඳපොළට එන තෙල් සැපයුමෙන් 20%ක්ම නතර වීම නිසා බොරතෙල් මිල එක රැයකින් 15% කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මෙය ලෝක සාමයට එල්ල වූ දරුණුතම තර්ජනයක් බවත්, මෙයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ගයක් (Operation Epic Fury) දියත් කරන බවත්ය.













0 Comments