හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය නතර වීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "Operation Epic Fury" මෙහෙයුම යටතේ ඉරාන නාවික හමුදාව (IRGC Navy) විනාශ කිරීමට නියෝග කර තිබේ.
දැනටමත් ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ඉරාන යුද නැව් 9ක් ගිල්වා දමා ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ අරමුණ වන්නේ බලහත්කාරයෙන් හෝ මෙම මුහුදු මාර්ගය විවෘතව තබා ගැනීමයි.
අනෙක් අතින්, චීනය අතිශය අසීරු තත්ත්වයකට පත්ව ඇත. චීනයේ තෙල් අවශ්‍යතාවයෙන් 45%ක්ම ලැබෙන්නේ මෙම මාර්ගයෙනි.
චීනය සිය PLA Navy නෞකා කලාපයට එවා ඇති අතර, ඔවුන් පවසන්නේ මෙය "තම බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් කරන මැදිහත් වීමක්" බවයි.
චීනය ඉරානයට උපදෙස් දී ඇත්තේ තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙසයි. ලෝක බලවතුන් දෙදෙනාම එකම මුහුදු සීමාවක අවි අමෝරාගෙන සිටීම ඕනෑම මොහොතක මහා පරිමාණ ලෝක යුද්ධයකට මග පෑදිය හැකිය.













0 Comments