ලෝකයේ ප්‍රධානතම ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) ආසන්නයට අද (මාර්තු 1) අලුයම ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. වාර්තා වන අන්දමට මෙම ප්‍රහාරයෙන් ගුවන් තොටුපළේ එක් පර්යන්තයකට (Concourse) සුළු හානි සිදුව ඇති අතර, සේවකයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි බලධාරීන් විසින් ගුවන් තොටුපළේ සියලු මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කර ඇති "True Promise 4" මෙහෙයුමේ කොටසක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ඩුබායි වලට අමතරව අබුඩාබි සහ ජෙබෙල් අලි වරාය ආශ්‍රිතව ද පිපිරීම් වාර්තා වන අතර, එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල සහ ඩ්‍රෝන රැසක් වාරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය නිසා එමිරේට්ස් (Emirates) සහ ෆ්ලයි ඩුබායි (FlyDubai) ඇතුළු ගුවන් සේවා සිය ගණනක් අවලංගු කර ඇති අතර, දහස් සංඛ්‍යාත මගීන් ගුවන් තොටුපළ තුළ සහ හෝටල්වල සිරවී සිටිති.
ඩුබායි යනු ලාංකිකයන් විශාල පිරිසක් සේවය කරන සහ සංචාරය කරන නගරයක් බැවින්, මෙම ප්‍රහාරය ලංකාවට ද සෘජු බලපෑමක් එල්ල කරයි.
බලධාරීන් දැනටමත් ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙසත්, ජනේල සහ විවෘත ස්ථාන වලින් ඈත්ව සිටින ලෙසත් හදිසි පණිවිඩ (SMS Alerts) මගින් දැනුම් දී තිබේ.












0 Comments