ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද?
අපේ සිරුරේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් වැඩි හරියක්ම නිපදවන්නේ අක්මාව මගින්. අපි ආහාරයට ගන්නා බිත්තරවල තියෙන කොලෙස්ටරෝල්වලින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමට සිදුවන්නේ ඉතාම සුළු බලපෑමක් පමණයි.
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බිත්තර කෑවම කෙලින්ම ලේවලට කොලෙස්ටරෝල් එකතු වෙනවා කියලා, ඒත් විද්‍යාත්මකව ඒක වැරදියි.
බිත්තර කියන්නේ ඉතා ඉහළ තත්ත්වයේ ප්‍රෝටීන් අඩංගු අංක එකේ ආහාරය. මාංශ පේශි වර්ධනයට මීට වඩා හොඳ සහ ලාභදායී ආහාරයක් නැහැ.
බිත්තර කහ මදයේ අඩංගු 'කෝලීන්' (Choline) කියන පෝෂක ද්‍රව්‍ය මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්තියට ඉතාම වැදගත්.
බිත්තරවල තියෙන විටමින් A, D, E සහ ඔමේගා-3 මේද අම්ල අපේ ශරීරයේ හෘද සෞඛ්‍යයටත් හිතකරයි.
බිත්තර කෑවා කියලා කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ බිත්තරවලින් නෙවෙයි, අපි ඒවා බැදීමට භාවිතා කරන අහිතකර තෙල් වර්ග සහ කෑම වේලට එකතු කරන අනෙකුත් දේවල් නිසයි.













0 Comments